දුප්පතුන්ගේ රු.මි. 45ක් වංචාකළ බැංකු සේවකයන් 6ක් අත්අඩංගුවට
වෙලේවැව සමෘද්ධි බැංකුවේ ලක්ෂ බැංකු ශාඛාවේ ලක්ෂ 450 කට අධික මුදලක් වංචාකල සිද්දියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගත් එම බැංකු ශාඛාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන් , මුල්‍ය අයකැමි ඇතුළු සැකකරුවන් ඇතුළු හය දෙනෙකු මැයි 26 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලෙසට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය වංචා ඒකකයට නියෝග කළාය.
මෙසේ රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ වෙලේවැව සමෘද්ධි බැංකුවේ කළමණාකරුවන් වන ටි.එම්.සෝමාවති (55) සහකාර කළමණාකරු ඩි.එම් .සමන්සිරි (47) මුදල් අයකැමි එස්.එම්.චමිලා නිලන්ති (53) මුදල් අයකැමි කේ.එච්.එම්.චිත්රාවති (60) ගිණුම් ලිපිකරු ඩබ්ලියු.දිමුතු ධනංජය,සහකාර කළමණාකරු එස්.ජී.ශ්‍රීයානන්ද යන එම බැංකු ශාඛාවේ සේවය කල සැකකරුවන් හය දෙනෙකී.
අදාල සැකකරුවන් විසින් 2018, 2019,2020,2021 යන වසර වලදී එම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන් විසින් තැම්පත් කර තිබු මුදල් හා ගිණුම් ලාභින් නමට කුට ලේඛණ සකසා ණය ලබා ගනිමින් බැංකුවට රුපියල් 45,356,506,00 (හාර කෝටි පනස් තුන් ලක්ෂ හයදාස් පන්සිය හයක මුදලක් සිතා මතා මංචා කිරීමේ චෝදනාවක් එල්ල වී තිබේ.
අදාල සැකකරුවන් විසින් අදාල බැංකු ශාඛවේ ගිණුම් ලාභින්ගේ තැම්පතු මුදල් වංචනික ලෙස ලබා ගෙන බැංකු ශාඛාවේ ගිණුම් ලේඛණ වලින් සුක්ෂම ලෙස ඉවත් කිරීම හා ගිණුම් හිමියන්ගෙ නමට ණය ලබා ගැනිමට සම්බන්ධව අවස්ථා කිපයකදී ගිණුම් හිමියන් විසින් බැංකු ශාඛාව ඉදිරිපිටදි විරෝධතා පවා සංවිධානය කර තිබුනී.
කෙසේ වෙතත් අදාල සිද්දිය සම්බන්ධව මෙම බැංකු ශාඛාවේ පාලක මංඩල සභාපතිවරයා විසින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිනිල්ලට අනුව අදාල සිදුකල දිර්ඝ විමර්ශනයකින් පසු අදාල සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සිදුව තිබුනී.
අදාල සැකකරුවන් විසින් මෙම දැවැන්ත මුදල වංචා කර ඇත්තේ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ සමෘද්ධි ලාභින් විසින් තැම්පත් කල මුදල් හා ඔවුන්ට රජයෙන් ලැබෙන සහනාධාර මුදල් මෙසේ වංචා කර ඇති බව විමර්ශන වලදී හෙළිව තිබේ.
සැකකරුවන් පිළිබදව දිර්ඝ විමර්ශනයක් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙලේවැවට පැමින සිදු කිරීමට කර තිබු බව කියයි.
මෙම වංචාවට සම්බන්ධ සැකකරුවන් අතරින් සහකාර කළමණාකරුවකු වන එස්.ජි.ශ්‍රීයානන්ද නැමැත්තා 11 දින මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීමේන් පසු පලා ගොස් තිබු බවත් පසුව මහකුඹුක්කඩවල පුනවිටිය ප්‍රදේශයෙ නිවසක සැගවි සිටියදී 12 දින අලුයම අදාල විමර්ශන ඒකකයෙ නිළධාරින් විසින්ම අත් අඩංගුවට ගැනිමට සමත් ව තිබුනී.


popular news
-
N Alwis Tuesday, 16 May 2023 12:43 AM
The way I think, the political leaders who robbed or stole from Central Bank should be jailed first. In the same way, the politicians and all the officers related to them who are stealing the country's resources must be punished...So Such bank workers would not do such things .Lessons should come from the top.
Reply : 0 0
චතුරි Tuesday, 16 May 2023 11:07 AM
මේ මිනිස්සුත් කෙරුවේ එකම වරද මහින්දයා රනිල් ඇතුලු මුලු නඩේම කෙරුවෙත් එකම වරද මහින්දයා නාකි මයිනා. එක පාරක් නෙමේ කීපාරක් දුප්පත් ජනතාවගෙමුදල් හොරක්ම් කරලා මන්ද බුද්දික පුත්තුන්ට දුන්නාද. ඒ වුන්ට දඩුවම් දුන්නාද. ඇයි මේ මිනිස්සුන්ටවිතරක්. නාකිමයිනට බයද. නාකිමයිනාගෙ ගෑනී ලදරු පාසලේ මුදල් හොරකම් කෙරුවා කපුටාගෙ ගෑනිත් එක්ක. ඒවට දඩුවම් දුන්නාද. අදිකරනයෙ නඩු අහන උන්ට කොන්ද පන නැත්නම් ඔයපුටුවලින් නැගිටලා. ගියානම් මේ රට දුශිතයින්ගෙන් බේර ගන්න පුලුවන්. මේ රට මේ තත්වයට පත් කෙරුවේ. ඔය අඩිකරනයයි. රටේ නායකයින්ට බයයි. එහෙම අදිකරන මොකටද. මිනිසාවංයහමගට ගන්න නෙමේ වැඩකරන්න. තමන්ගෙ පුටුවයි නම්බු නාම ටික ආරක්ශා කරගන්න දගලන්නෙ. උබලට දෙවියන්ගෙන් දඩුවම් ලස්සනට ලැබේයි. ල්බන ආත්මේ ගොලුවෝ වෙලා ඉපදෙයි. කොන්ද පනනැතිව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

